Home / දෙයියෝ සාක්කි / විසිකරන කෑම දුප්පතුන්ට දී රැකියාවට ආයුබෝවන් කියලා

විසිකරන කෑම දුප්පතුන්ට දී රැකියාවට ආයුබෝවන් කියලා

2015-06-11 10:21:00       674
feature-top
කොළඹ නගරයට ආසන්නයේ පිහිටි ආපනශාලාවක සේවය කරන ගම්බද තරුණයෙකි. මෙහි රාත‍්‍රියට ඉතිරිවන රොල්ස්, පැටිස්, කට්ලට්ස් වැනි කෙටි ආහාර පාර අයිනේ තිබූ කසළ බඳුනට දැමිය යුතු බව ආපනශාලාවේ හිමිකාරිය පවසා තිබිණි. මෙසේ ඉතිරිවන ආහාර කුණු බඳුනට දැමීම තරුණයාගේ සිරිත විය.

දිනක් ඔහු ඉතුරුවූ ආහාර බෑගයකට දමා විසි කිරීමට යෑමේදී අවට ආයතනවල සේවකයෝ දෙදෙනෙක් ඔහු අමතා මල්ලි ඕවා ඩස්ට්බින් එකට දාන්න එපා. ඒක අපරාදෙනේ. අපිට කන්න දෙන්න. අපේ බඩත් පිරෙනවා. ඔයාට පිනුත් ලැබෙනවා. යැයි කීහ.

ඒ අනුව දිනපතාම තරුණයාගේ කාරුණික අනුග‍්‍රහයෙන් ඉතිරිවන ආහාර කුණු බඳුනට යනු වෙනුවට අහළ පහළ සේවකයන්ගේ කුස තුළට යැවිනි. දිනක් පැටිස් දහයක් රොල්ස් පහළොවක් අඩංගු පාර්සලය කුණු බඳුනට නොදා අවට සේවකයින්ට දෙනවිට ආපනශාලාවේ හිමිකාරියට හසුවිය.

මම තමුසෙට කියලා තියෙනවා නේද ඉතිරිවන කෑම කාටවත් දෙන්න එපා ඩස්ට්බින් එකට දාන්න කියලා. අහුවුණොත් එදා දවසේ පඩිය කපනවා. ඇය කේන්තියෙන් පැවසුවාය. අනෙක ඔහොම කෑම නිකන් හම්බුවෙනකොට ඔය මිනිස්සු හැමදාම කෑම ලැබෙන්න ඕනෙ කියලා ප‍්‍රාර්ථනා කරනවා. එතකොට අපේ කෑම හැමදාම ඉතිරි වෙනවා ඇය ගෝරනාඩු කළාය. තරුණ සේවකයාට දුක හිතිණි. පසුදින සිට ඔහු රැුකියාවට පැමිණියේ නැත.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »