Home / දෙයියෝ සාක්කි / කෙසෙල් හොරා බෝකොළෙන් අහුවෙලා

කෙසෙල් හොරා බෝකොළෙන් අහුවෙලා

2015-06-08 10:15:00       675
feature-top
කෙසෙල් කැන් හොරා අල්ලා දීමට බෝගසක් උපකාරවූ රසවත් පුවතක් නගරයට ආසන්න ගමකින් අසන්නට ලැබිණි.

ඔහුට රැුකියාවක් නැත. දවසේ වියදම පියවාගන්නේ පුංචි හොරකමක් කරගෙනය. අහල පහළ ඉඩමක පුවක් වල්ලක් කඩාගෙන, කෙසෙල් කැනක් කපාගෙන ඔහු දවස ගෙවයි.

එදා ඔහුගේ අතේ සතේ නැති දවසකි. අල්ලපු වත්තේ තිබූ කෙසෙල් කැනකට ඔහුගේ අවධානය යොමුවිය. කෙසෙල් කැන කපාගෙන අසල කඩයකට ගියවිට, කෙසෙල් ඇවරි අතර රැුඳී තිබුණ බෝ කොළ දෙකක් මුදලාලිගේ නෙත ගැටුණි. ළමයෝ මේ කෙසෙල් කැන පන්සලේ වත්තෙන්ද කපාගෙන ආවේ යැයි, මුදලාලිගේ ප‍්‍රශ්නය විය. නෑ මුදලාලි මේ අපේ වත්තේ බෝගහ යට කෙසෙල් පඳුරෙන් බව ඔහුගේ පිළිතුර විය. ගනුදෙනුව බේරාගත් ඔහු එතැනින් මාරුවිය.
තමාගේ කෙසෙල් කැන කපාගෙන ගොස් ඇතිබව දැනගත් ඉඩම් හිමියා කඩයක් ගානේ ගොස් සොයා බලන්නට විය. එක කඩයක තමාගේ කෙසෙල් කැනට සමාන කෙසෙල් කැනක් තිබෙනු දැක ඒ ගැන මුදලාලිගෙන් විමසීය.

මේක ගෙනාවේ අසවලා බවත් කෙසෙල් ඇවරි අස්සේ බෝකොල දෙකක් තිබුණ බවත් මුදලාලි කීය. මේ තමාගේ වත්තේ බෝගහ යට තියන කෙසෙල් පඳුරේ කැනක් බව සැක හැර දැන ගැනීමට බෝගහ පිහිට විය. හොරා තමන් දන්නා අහල පහළ අයෙක් නිසා සිද්ධිය ගොඩින් බේරා ගැනීමට ඔවුහු කැමති වූහ.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »