Home / දෙයියෝ සාක්කි / බලූ පැටව් රොත්ත පන්සලේ දමා උපාසකම්මා ජාමේ බේරාගෙන

බලූ පැටව් රොත්ත පන්සලේ දමා උපාසකම්මා ජාමේ බේරාගෙන

2015-06-05 09:27:00       674
feature-top
පොසොන් පොහොය දා උදෑසන සිල් සමාදන් වීමට ගමේ පන්සලට එක්තරා උපාසක මාතාවක් පැමිණියේ මෙතෙක් නිවසේ තමන්ට මහත් හිසරදයක් වූ බලූ පැටවුන් රොත්ත ද සමගිනි. මෙසේ කුඩා බලූ පැටවුන් පන්සලේ භූමියෙහි ගෙනැත් දමනු දුටු විහාරාධිපති හිමියන් උපාසක ඒ ගැන විමසූ විට ඇය දුන් අපූරු පිළිතුරක් පිළිබඳව හස්තියකු වැනි පව්වක් ඇති ප‍්‍රදේශයකින් වාර්තා විය.


මෙම උපාසක මාතාවගේ නිවසේ වෙසෙන බැල්ලියක්  පසුගිය දිනක පැටවුන් කිහිප දෙනෙක් වැදුවාය. කුඩා බලූ පැටවුන් නිවෙස පුරා හා මිදුල පුරා දුවමින් දකින දකින සියලූ දේ හපමින් අවුස්සමින් දඟලන්නට ගැනීම උපාසක මාතාවට මහත් හිසරදයක් විය.


දින ගණනක් මෙම බලූ කරදරයෙන් මිදීමට උපායක් කල්පනා කළ ඇය අන්තිමට තීරණයක් ගත්තාය.


පොසොන් පොහොය දින එළඹිණි. උදේ පාන්දරම අවදි වූ ඇය සුදු වතින් සැරැුසී නිවසේ තිබූ පොහොර උරයකට බලූ පැටවුන් ද දමාගෙන පන්සල බලා පිටත් වූවාය.


ඇය පන්සලට පැමිණෙන විට තරුණ විහාරාධිපති ස්වාමීන් වහන්සේ සිටියේ පන්සල් මිදුල අමදිමිනි. ඇය වහා බලූ පැටවුන් සහිත උරය පන්සලේ මිදුලේ පසෙකින් තබා ස්වාමීන් වහන්සේ අත තිබූ ඉදල ඉල්වාගෙන මිදුල අමදින්නට වූවාය.


විහාරාධිපති හිමියන් එතැනින් ඉවත් වූ වහාම ඇය පොහොර උරය ඇර බලූ පැටවුන් පන්සල් භූමියට මුදාහැරියාය. ඉතාම රහසිගතව ඇය එය කළ නමුත් කෙසේ හෝ එය ඇස ගැසුණ විහාරාධිපති හිමියෝ හා.... හා... උපාසකම්මේ. මොකද ඔය කරන්නේ යැයි විමසූහ.


උපාසක මාතාව දොහොත් මුදුන් තබා ගත්තාය. අනේ අවසරයි අපේ හාමුදුරුවනේ. ඉස්සර අපේ රජ සිටුවරු පෝය දවසට පන්සලට අලි ඇත්තු දන් දුන්නා. දුප්පත් අපි කොහොමද එහෙම කරන්නේ. අපිට පුළුවන් මෙහෙම දානයක් දෙන්න විතරයි. සාදු... සාදු... සාදු... යැයි මහා හඬින් පැවසුවාය.


ඇයගේ පිළිතුරෙන් අන්ද මන්ද වූ විහාරාධිපති හිමියෝ නිහඬව ඉක්මන් ගමනින් ආවාස ගෙය දෙසට වැඩම කළහ.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »