Home / දෙයියෝ සාක්කි / හෝටල් සාදයේ කෑම කද්දී දත් අස්සේ ගලක් හිරවෙලා

හෝටල් සාදයේ කෑම කද්දී දත් අස්සේ ගලක් හිරවෙලා

2015-05-27 10:02:00       674
feature-top
හෝටලයක පැවැති මඟුල් සාදයකින් කෑම කද්දී දත් දෙකක් අතරේ සිරවුණු ගල් කැටයක් නිසා අපහසුතාවට පත් වූ තරුණ රූමත් කාන්තාවක් එම හෝටලයේ සූපවේදියාට අමතක නොවන පාඩමක් ඉගැන්වූ පුවතක් පසුගිය දිනක ගම්පහ ප‍්‍රදේශයෙන් වාර්තා විය.


එම වාර්තාවට අනුව මෙම සිද්ධියට මුහුණපෑ කාන්තාව බියගම ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. ගම්පහ ප‍්‍රදේශයේ පෞද්ගලික ආයතනයක උසස් තනතුරක් දරන ඇය විවාහක තරුණ රූමත් කාන්තාවකි.


බස්නාහිර පළාතේ හෝටලයක පැවැති මෙම මංගල උත්සවය ද එම ආයතනයේම සේවිකාවකගේය. මේ සඳහා ආරාධනා ලැබු අදාළ කාන්තාව ද සිය සැමියා සමඟ මේ සඳහා සහභාගි වූ අතර, ඊට අමතරව එම ආයතනයේ මෙන්ම මනාල යුවළගේ පාර්ශ්වවලින් ද සැලකිය යුතු පිරිසක් මෙම මංගල උත්සවයට සහභාගි වී සිටියහ.


සියලූ චාරිත‍්‍ර වාරිත‍්‍රවලින් අනතුරුව මංගල සාදයේ වැඩකටයුතු ආරම්භ විය. එය වඩාත් හැඩ වැඩ ගන්වන්නට හෝටලය ගානේ කඨෝර සංගීතයක් ද සපයා තිබිණි. ඇතැම්හු කති, බොති, නටති, ගී ගයති. ඇතැම්හු මුකුත්ම නැතිව ඒ දෙස බලා සතුටු වෙති.


කෑම කන අය අතර අදාළ කාන්තාව ද වූවාය. බත්පතින් හරි අඩක්වත් කන්න ඇයට ඉඩක් ලැබුණේ නැත. වම්පස හස්කේ දිරාපත් වෙමින් තිබියදී ළඟදී ගලවා දැමූ දතකට සම්බන්ධ කුහරය තුළ යමක් තදින් සිරවීම නිසා ඇති වූ වේදනාව හේතුවෙන් කෑම ගැනීම තියා ඇයට උන්හිටි තැන් පවා අමතක වී එක් වරම කට අල්ලාගෙන අම්මෝ..... යැයි කීවාය. එහෙත් මේ වන විට මංගල සාදය උණුසුම් අවස්ථාවට පැමිණ තිබූ නිසා ඇගේ කෑ ගැසීම ළඟ සිටි යෙහෙළියන් කීප දෙනකුට හැර සෙස්සන්ට ඇසුණේ නැත.


ඒ අනුව ක‍්‍රියාත්මක වූ යෙහෙළියන් දෙදෙනකු සිද්ධියට මුහුණපෑ කාන්තාව හෝටලයේ කාමරයකට රැුගෙන ගොස් ඇගේ මුඛය පරීක්ෂාවට ලක්කර අනතුරුව එහි දත් කුහරයක සිරවී තිබූ කඩල ඇටයක් තරමේ ගල් කැටයක් පිටතට ගත්තාය. එයින් නොනැවතුණු ඔවුහු එම හෝටලයේ සූපවේදියා සොයා හෝටලයේ මුළුතැන්ගෙට ද ගියහ. එහිදී සූපවේදියා හමුවූ මෙම පිරිස මෙන්න ඔහේගේ මඟුල් මුද්දෙ ගල ද කොහෙද ඒක අපේ යාළුවගෙ හක්කෙ තිබිල මේ දැන් හමුවුණේ. පරිස්සම් කරල අරන් තියා ගන්නවා යැයි කියා ගල් කැටය සූපවේදියා අත තැබීමට ද ඔවුහු අමතක නොකළහ.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »