Home / දෙයියෝ සාක්කි / රිය අනතුර ගැන හොයන්න පොලිසිය නාවැයි යහපාලනයට දෝස්මුරයක්

රිය අනතුර ගැන හොයන්න පොලිසිය නාවැයි යහපාලනයට දෝස්මුරයක්

2015-05-26 09:49:00       673
feature-top
කොළඹ අතුරු මාර්ගයක වේගයෙන් ධාවනය වූ මෝටර් රථය වංගුවකදී නවතා තිබූ යතුරුපැදිවල ගැටිණි. යතුරුපැදි කිහිපයක් බිම පතිත විය. රථය නොනවත්වාම ධාවනය වූවත් යතුරුපැදි හිමිකරුවෝ මෝටර් රථය අසීරුවෙන් නැවැත්වූහ.


රියදුරු අසුනේ සිටියේ බීමත් තැරණයෙකි. යතුරුපැදි හතරකට හානි සිදුවී තිබිණි. බලනවා තමුසෙගෙ වැඩ හින්දා අපේ අලූත් සයිකල්වලට වෙච්ච දේ තරුණයෙක් කෝපයෙන් පැවැසීය. එවිට බීමත් තරුණයා හරි හරි ඔය සයිකල් ඔක්කොම මම හදලා දෙන්නම් යැයි කීය. බිමත් තරුණයාගේ මිතුරන් කිහිපදෙනෙක් එතැනට පැමිණ ඕවාට ඉන්ෂුවරන්ස් ගෙවන නිසා උඹ සල්ලි දෙන්නේ මොකටදැයි පැවසූවිට යතුරුපැදි හිමි තරුණයන් සේවය කරන ආයතනයේ උසස් නිලධාරියෙක් 119ට ඇමතුමක් ගත් අතර එය කාර්ය බහුල විය. තෝ 119ට ගත්තට කථා කරන්නේ නැහැ. ඔන්න යහපාලනය. නෝ ආන්සර් නිලධාරියා ඔලොක්කුවට සිනාසුනේය. තවත් නිලධාරියකුට තම ජංගම දුරකතනයෙන් 119ට පණිවිඩයක් දීමට හැකිවිය. පළමු නිලධාරියා, කෝ තවම නැහැනේ. ඒ කාලේ නම් මෙලහකටත් ඇවිල්ලා. යැයි පැවැසීය. විනාඩි දහයක් ගතවිය. පොලිස් ජීප් රථයක් වේගයෙන් එතැනට පැමිණියේය. එවිටම පොලිස් යතුරුපැදියක් ද පැමිණි අතර තත්පර කිහිපයකින් පොලිස් මෝටර් රථයක් ද අනික් පසින් පැමිණ ප‍්‍රශ්නය නිරාකරණය කළේය. ඉස්සර ආවේ එකයි. දැන් යහ පාලනය නිසා එකට තුනක්ම ඇවිල්ලා තරුණයෙක් පැවසූ විට ඔලොක්කුවට සිනාසුණු නිලධාරියාට කට උත්තර නැති විය.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »