Home / දෙයියෝ සාක්කි / බිරියගෙන් වැඩ ගන්න ගිහින් සැමියාට එළොව පොල් පෙනිලා

බිරියගෙන් වැඩ ගන්න ගිහින් සැමියාට එළොව පොල් පෙනිලා

2015-05-25 09:44:00       672
feature-top
සැමියාගේ දැනුම්දීම මත බිරිය හොඳින් වැඩුණු ආනමාලූ කෙසෙල් ගසකට  ආධාරකයක් ලෙස කරුවක් තියන්නට ගොස් කෙසෙල් ගස කඩා වැටුණු පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ.

සැමියා රැුකියාවක නිරතය. නිතර ගෙදර නැත. වත්තේ තිබූ කෙසෙල් ගස හොඳින් ඵල බරවී තිබෙනු ඔහු දැක්කේය. බිරියට කතා කළේය. අර කෙහෙල් ගහට කරුවක් තියන්න. නැතිනම් බරට ගහ කඩා වැටෙයි. ඔහු කීය.


මේ බිරිය විවිධ පුරසාරම් ගැන අතීතයේ පටන් කියවෙන ගම්මානයක උපන් තැනැත්තියකි. සැමියා රස්සාවට ගිය අතරේ ලී දඬු දෙකක් කපා කරුවක් සැකසුවාය. පුටුව උස මදි නිසා මේසයක් අරගෙන ගියේ දරුවාගේද සහාය ඇතිවය. දරුවාගේ විරෝධය මැද මේසයට නැගුණු ඇය කෙසෙල් ගසේ කට්ටයක් කපා කරුව ඊට හේත්තු කළේ ගසට ආධාරකයක් වන පරිදිය.


හැන්දෑවේ සැමියා නිවසට ආ පසු ඇය තමා කෙසෙල් ගසට ආධාරකයක් තැබූ බව කීවාය. සැමියා ඒ ගැන හාරා නොඇසුවේය. සැමියා රාති‍්‍ර ආහාරය ගනිද්දී ගසක් කඩා වැටෙන ශබ්දයක් ඇසුණේය. ඒ ගැන බලන්නට යද්දී දුටුවේ කෙසෙල් ගස කඩා වැටී ඇති අන්දමය.


අනේ කෙහෙල් ගහ කඩා වැටුණේ කොහොමද? මම කට්ටයකුත් කපලානේ කරුව තිබ්බේ ඇය සැමියාට කීවාය. සියල්ල තේරුම් ගත් සැමියා සිදුවූ රුපියල් දහසක පමණ අලාභය විඳදරා ගනිමින් ගමේ හැටියට වැඬේ කළානේ ඒ ඇති කියා ගෙට ගියේ කෙසෙල් ඇවරි කපා මැල්ලූමක්වත් හදන්න කියමිනි.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »