Home / දෙයියෝ සාක්කි / සූර්පිට සිටි සැඟවුණු අමුත්තා මිතුරාගේ ඇමට අහුවෙලා

සූර්පිට සිටි සැඟවුණු අමුත්තා මිතුරාගේ ඇමට අහුවෙලා

2015-05-07 09:22:00       672
feature-top
දකුණු පළාතේ පැවැති අවුරුදු උළෙලකදී අපූරු සිදුවීමක් වාර්තා වියග අවුරුදු උත්සව සංවිධායක මණ්ඩලයේකැපවී කටයුතු කළ තරුණයන් අතර සිටි
එකම මැදිවයස් සාමාජිකයා මෙවර සැඟවුණු අමුත්තා ලෙස නම් කිරීමට මිතුරු කැලේ සාමාජිකයෝ කටයුතු කළහ. කතිකාකරගත් පරිදි සැඟවුණු අමුත්තා තරගය වැඩි වේලාවක් පවත්වාගෙන යාම සඳහා සැඟවුණු අමුත්තා උත්සව භූමියේ ගැවසුණේ කෙටි කාලයකිග උත්සව භූමියට වැඩි ඈතකින් නොපිහිටි නිවෙසට වරින් වර යාම ඒම ඒ නිසාම සැඟවුණු අමුත්තා සිදු කළේය.


එසේ නිවසට ගිය විට ඔහු මධුවිත ටිකක රස බැලීමටද අමතක නොකළේය. අවස්ථා කිහිපයකදී එසේ ක‍්‍රියා කිරීම නිසා සැඟවුණු අමුත්තා සවස දෙක පමණවත්ම බමන මතින් සිටිනු දක්නට ලැබිණි. උදය වරුවේ වැඩි වේලාවක් උත්සව භූමියේ නොසිටි සැඟවුණු අමුත්තා පසුව වෙරිමතින් සිටීම නිසා සැඟව
සිටීම අමතක විය. මේ අතර සැඟවුණු අමුත්තාගේ හොඳම මිතුරෙක් ඔහුගේ නිවෙසට නෑගම් ආවේයග වසර ගණනකින් නොදුටු මිතුරා නිවසේ නොසිටි බැවින් මිතුරා උත්සව භූමියට පැමිණියේය.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »